පාසල් ගීතය
ඤාණාලෝකය පා රමණී
දිනේ දිනේ සඟබෝ මෑණී....//
පතළ කලා රස හා විද්‍යා නෙක
පතුරන දීපය ශ්‍රී ලංකා
දරු කැළගේ හෙළ ජීවය වේ
අපගේ ආලෝකය ඔබ වේ
සැරදේ සැරදේ සැරදේවා
ශාන්ති පා නිති සැරදේවා....//
ගුරුළු ගෝමි හා විදුසක්විති ඈ
හෙළ මහ පඬුවන් බිහි කරවා
ප්‍රාණ නාලිය වූ ජාතියෙහී
හෙළ සිසු පරපුර ඔද ගන්වා
සැරදේ සැරදේ සැරදේවා
ශාන්ති පා නිති සැරදේවා....//





